තහනම නොතකා ආබාධිත රණවිරුවෝ ජනපති ලේකම් කාර්යාලයට


ඉන්දිකා රාමනායක

කොටුව දුම්රියපොළ අසළ උපවාසයේ යෙදී සිටින ආබාධිත රණවිරුවන්ගෙන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරිම හේතුවන් ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් කොළඹ - කොටුව අවට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

උපවාසයේ යෙදෙන  ආබාධිත රණවිරුවන්ට  ජනාධිපති මන්දිරය, ආරක්ෂක අමාත්‍යාංශය, ගාලුපාර, අලියගහ මන්දිරය ,ලෝටස් පාර,  අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ස්ථානයන්ට ඇතුළු වීම වළක්වාලමින්  කොළඹ කොටුව මහේස්ත්‍රාත්  රංග දිසානායක මහතා අද (18) පෙරවරුවේ තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)