(නිමන්ති රණසිංහ)
රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් කරනු ලබන ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බව කියන ව්‍යාපාරිකයකුගේ නිල කාමරය පිරිසිදු කිරීමේදී රුපියල් ලක්ෂ 83ක මුදලක් කොම්පඤ්ඤ පොලිසිය විසින් සොයාගෙන ඇත.
කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිල කාමරයේ මේසයේ ලාච්චුවක තිබී මෙම මුදල අද(10) පොලිසිය සොයාගෙන ඇත.
මෙම සැකකරු දෙහිවල පදිංචි, මේවනවිට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින බුහාර් මොහොමඩ් රාෆික් නමැත්තෙකි.

