තව්හීත් ජමාත් සමඟ සබඳකම් තිබූ 100 කගෙන් පොලිසිය ප්‍රශ්න කරයි


එෆ්.අස්ලම්

ජාතික තව්හීත් ජමාත් සංවිධානය හා සබඳතා පැවැත්වූ බවට සැකකරන බදුල්ල ප්‍රදේශයේ සියයකට අධික පිරිසකගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර විමර්ශන සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මුස්ලිම් ප්‍රජාව ඇතුළු විවිධ පාර්ශව වලින් ලද තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරුවලට අනුව පොලිසිය හා ආරක්ෂක හමුදාව ඒකාබද්ධව සිදුකළ විමර්ශනවලට අනුව මෙම පුද්ගලයින් විමර්ශනය කර ඇතැයි ද පැවසේ.

මේ වනවිට සියයකට අධික පිරිසකගෙන් ප්‍රශ්න කිරීම්  සිදුකරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඔවුන්ගේ නිවාස ද පරීක්ෂාවට ලක්‍කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ජාතික තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ වී අන්තවාදී ක්‍රියාවන්හි නිරතවූවන් පිළිබඳ පොලිසිය හා හමුදාව තවදුරටත් විමර්ශන සිදුකරයි.