(එම්.ඩබ්ලිව්.සෝමරත්න සහ රවීන්ද්‍ර විරාජ්)
ශ්‍රී ලංකා තවුහීත් ජමාත් සංවිධානයේ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි (සී.ඩී. පට) 30ක් සමඟ සැකපිට මාතලේ රෝහලේ කනිෂ්ඨ සේවකයකු අද (16) අත්අඩංගුවට ගත් බව මාතලේ රෝහල් පොලිසිය කියයි.
සැකකරු මාතලේ උකුවෙල වරකාමුල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මාතලේ දිසා රෝහලේ සේවයෙහි නියුතු පුද්ගලයකු බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සී.ඩී පට සමඟ මහම්මත්තුමාගේ සහ යේසුස්වහන්සෙගේ රුව ඇතුළත් පොත් කිහිපයක් ද සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
මාතලේ රෝහල් පොලිසිය ලද තොරතුරක් මත සැකකරු රැඳී සිටි රෝහල් කාමරයක තිබී මෙම සී.ඩී.පට සහ පොත් සොයා ගත් බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාතලේ මුලස්ථාන පොලිසිය සිදුකරයි.

