(සුජිත් හේවාජුලිගේ )
මෙරට කොරෝනා පාලනය සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක තොගයක් අද (2) ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම එන්නත් මාත්‍රා තොගය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට අද (2) අලුයම 4.00ට පමණ පැමිණි බව එම ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකාර දීපාල් පෙරේරා මහතා පැවැසීය .
අනතුරුව මෙම එන්නත් තොගය ශීතකරණ පහසුකම් සහිත ලොරි රථවලින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණයට අද උදේ රැගෙන යනු ලැබීය .

