තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ලන්ඩන් සිට කටුනායකට


(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව  එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (13) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් අද දහවල් 12.45 ට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

 පිරිමි සහ ගැහැණු ගුවන් මගීන් වූ ඔවුන් දෙදෙනා , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා පිටත් කර යැවීමට පියවර ගෙන තිබුණි .