තවත් වසම් 42ක් හුදකලා කරයි


(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා පැතිරීම සැලකිල්ලට ගෙන මඩකලපුව ,ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 43ක් අද සිට හුදෙකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අනුව මෙසේ හුදෙකලා කර ඇත්තේ මඩකලපු දිස්ත්‍රික්කයේ කීරන්කුලම පොලිස් වසමේ වැව පාර(මංචෝනා දෙසට), වීවින් මිල් මාවත ,වෙලා පොඩි පාර, කනකි අම්මාන් කෝවිල පාර ,ලකේ මාවත (විතන්‍ය දෙසට),සහ අප්පුහාමි මාවත (වෙරළබඩ දෙසට),ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා පොලිස් බල ප්‍රදේශයේ කින්නියා ,පෙරිය කින්නියා ,කුට්ටි කරච්චි ,අහුතර් නගරය,පෙරියතුමුනේ,මලින්තුරේ,රහුමානියා නගරය,සින්න කින්නියා ,මංචෝලි,කට්ට යාරු,කිරින්චකන්නිසහ මුනචචෙනෙයි,කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ හමන්ගල්ල,නාරංගොඩ උතුර,නාරංගොඩ දකුණ,බටපොතාල්ල,මල්ගමුව,දොඩම් පොත්ත,නාරංගමුව,ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේවත්තේගෙදර ,කටුගම්පොල, කවුඩුමුන්න, හමනාගොඩ, වෑත්තෑව,මුම්මනා,මාහරගම,,ඉහළ මැද්දෙපොළ ,පහළ මැද්දේපොළ ,කෝඳුරුවාවල,මාහින්ගමුව,සියඹලාවලන,බෝපිටිය,ඉහළ ලබ්බල,මත්තේගම,සහ වැල්ලාව යන ග්‍රාම සේවක වසම්ය.

මේ අතර කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශ අටක් අද සිට හුදෙකලා බවින් නිදහස් කර ඇත.

මෙසේ හුදෙකලා බවින් ඉවත් කර ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ අන්දා කුලම් ග්‍රාම නිලධාරී වසමේ සුභද්‍ර මාවත සහචීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කාවන්තිකුඩා,කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝඹුවල වයඹ ,බෝඹුවල නිරත, බෝඹුවල උතුරු මැද , බෝඹුවල දකුණු මධ්‍යම හා බෝඹුවල ගිනිකොන යන ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශයන්ය.

මේ ප්‍රදේශ හුදකලාභාවයෙන් ඉවත් කෙරුණ ද රට පුරා ක්‍රියාත්මක කෙරෙන සංචාරණ සීමා ඒ ප්‍රදේශවලට දිගටම බලපැවැත්වෙන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

හුදෙකලා කෙරුණු ප්‍රදේශවලට පිටතින් ඇතුළු වීමද එම ගම්මානවලින් පිටවීම ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.