ඉන්දිකා රාමනායක
කොළඹදී පැවැත්වු සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි සෙසු කී‍්‍රඩකයාද අද (15) පස්වරුවේ මියගිය බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බෙට් තෝමස් රීඩ් (27) නැමැති කී‍්‍රඩකයා වන අතර හාඩව් තෝමස් ඇන්ඩෲ (26) ක‍්‍රීඩකයා ඊයේ මිය ගොස් තිබුණි.
මෙලෙස මියගොස් සිටි බි‍්‍රතාන්‍ය රග්බි කී‍්‍රඩකයාගේ මරණය විස මත්ද්‍රව්‍ය ශරීර ගත වීමෙන් සිදුවු මරණයක් ලෙසට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත.
කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යලයේ සහකාර අධිකරණ වෛද්‍ය රාහුල් හක් මහතා මෙම මරණ සම්බන්ධයෙන් අද (15) පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා මෙය විස මත්ද්‍රව්‍ය ශරීර ගත වීමෙන් සිදු වු මරණයක් ලෙසට නිගමනය කර සිරුරේ යම් යම් කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා යොමුකර ඇති බව අධිකරණ වෛද්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම රග්බි තරගාවලිය සඳහා කළමනාකරු සමඟ බි‍්‍රතාන්‍ය ජාතික ක්‍රීඩකයන් 22ක් ඉකුත් 10 වැනි දා මෙරටට පැමිණ ඇති අතර ඔවුන් කොටුව ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක නේවාසිකව සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මෙම රග්බි තරගාවලිය ඉකුත් 12 වැනි දා කොළඹ දී පවත්වා ඇති අතර එදින රාත්‍රීයේ මොවුන් වෙනුවෙන් එම කී‍්‍රඩා සංකීර්ණයේ සුදානම් කර තිබු රාත්‍රී භෝජන සංග‍්‍රහයකට ද සහභාගි වී රාති‍්‍ර 10.30 ට පමණ ක‍්‍රීඩකයින් පිරිස යළි හෝටලයට ගොස් ඇති බව පොලිසිය කියයි.
පසුව මොවුන් යළිත් කුඩා කණ්ඩායම් වශයෙන් කොල්ලූපිටියේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් විනෝද වීමෙන් පසු අලුයම 4.00 ට පමණ යළි නැවතී සිටි සංචාරක හෝටලයට පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මොවුන් නැවතී ඇත්තේ එක කාමරයක දෙදෙනා බැගින් බවත් මොවුන් දෙදෙනා නැවතී ඇත්තේ කාමර දෙකක බවද පොලිසිය පවසයි.
මෙම කී‍්‍රඩකයින් දෙදෙනා පෙරවරුවේ නිදා සිටි ඇදෙන් බිම ඇද වැටී හුස්ම ගැනීමට අපහසුතාවයෙන් දඟලමින් සිටින අතරේ සෙසු කි‍්‍රඩකයන් ඒ බව හෝටල් කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇති අතර හෝටල් බලධාරීන් මොවුන් දෙදෙනා පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇත.
පෞද්ගලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (13) දහවල් එක් කී‍්‍රඩකයකු මියගොස් ඇති අතර සෙසු කී‍්‍රඩකයා ද අසාධ්‍ය තත්ත්වයෙන් තවමත් ප‍්‍රතිකාර ලබමින් පසුවේ.