තවත් ප්‍රදේශ දෙකක් හුදකලා බවින් නිදහස්


(නිමන්ති රණසිංහ)

පවතින කොරෝණා තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ දෙකක් අද (16) උදෑසන 6 සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, පුත්තලම දිස්ත්‍රික්කයේ සහ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව එලෙස ඉවත් කිරීමට කටයුතු කර ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම පොලිස් බලප්‍රදේශයේ ජේ. පී මාර්ගයේ 9වන හරස් පාර ප්‍රදේශය සහ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ නාරාන්තනෙයි වයඹ කොටසේ හුදකලා බවින් එලෙස ඉවත් කර තිබේ.