තවත් ප්‍රදේශ කීපයක් හුදකලා කරයි


(ඩයනා උදයංගනී සහ අමදෝරු අමරජීව)

දිස්ත්‍රික්ක කීපයක පොලිස් වසම් සහ ග්‍රාම නිලධාරී වසම් කීපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක පානදුර දකුණ ප්‍රදේශයේ වෑකඩ උතුර, කිරිබේරිය සහ පාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

නුවරඑළියේ නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම ද හුදකලා කර තිබේ.

ඡායාරූප අමදෝරු අමරජීව ත්‍රිමලේ හුදකලා ප්‍රදේශවට ආරක්ෂාව තරකර ඇති අයුරු