තවත් දූෂණ නඩුවක් කල් තියයි


(නිමන්ති රණසිංහ)
 
කල් ඉකුත් වූ රුධිර පෙරන කට්ටල විනාශ කිරීමෙන් වැලකී සිට දූෂණය නම් වරදක් සිදුකළ බවට චෝදනා ලැබූ ජාතික ලේ දීමේ සේවයේ හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය මංගලිකා බින්දුසාර මහත්මියට සහ රජයේ වෛද්‍යවරියකට එරෙහිව පවතින අල්ලස් නඩුවේ විභාගය ලබන ඔක්තෝම්බර් මස 19 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 

 
අල්ලස් පනතේ 70 වගන්තිය ප්‍රකාරව දූෂණය නම් වරද සම්බන්ධයෙන් මෑතකදී උද්ගතවී ඇති ඇවන්ගාඩ් නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එම නඩු විභාගය අත්හිටුවා නියෝග ලබාදී ඇති බවත් මෙම නඩුවද 70 වගන්තිය යටතේ ගැනෙන එකක් බැවින් එම නඩුවේ තීන්දුව ලැබෙන තුරු විභාගය කල් තබන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ අසාද් නවාවි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
 
ඒ අනුව පැමිණීල්ල වෙනුවෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය නඩු විභාගය එලෙස කල් තැබීමට නියෝග කළේය.