(ඩයනා උදයංගනී)
ඉදිරියේදී අනතුරුදායක තත්ත්වයට පත්විය හැකි කසල කඳු ගණනාවක් ඇති බවත්, මහනුවර දිස්ත‍්‍රික්කයේ ගොහාගොඩ හා ගම්පොළ කසල කඳු දෙක ඒ අතරින් ප‍්‍රධාන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදාදා (25) පැවති විශේෂ රැස්වීමකදී මේ බව අනාවරණය වූ බව කී අමාත්‍යවරයා මෙම කසල කඳු කළමනාකරණය කිරීමට අදාළ නගර සභා වෙත මාර්ගෝපදේශ ලබාදෙන ලෙස එහිදී ජනාධිපතිවරයා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට දැනුම් දුන් බව ද ප්‍රකාශ කරයි.
ලබන මාසය වන විට මෙම මාර්ගෝපදේශ ලබාදීමට හැකි බවත් මහනුවර ගොහාගොඩ හා ගම්පොල කුණු කඳු පිළිබඳ පැයෙන් පැය සොයාබලා නඩත්තු නොකළොත් මීතොටමුල්ල වැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඒ මහතා කියයි.
ඇමති පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී අද(26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මීට අමතරව මාතර, ගාල්ල, කළුතර, ගම්පහ කැළණිය හා පෑලියගොඩ ආදී ස්ථානවලත් විශාල කුණු කඳු ගොඩගැසෙමින් තිබෙන බව කී අමාත්‍යවරයා ඒවා කළමනාකරණය කිරීමට නිශ්චිත මාර්ගෝපදේශ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය විසින් ඉදිරියේදී නිකුත් කිරීම නියමිත බව පැවසීය.

