
(ඩයනා උදයංගනී)
තවත් උපාධිධාරීන් 10,000කට රැකියා ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද (19) පෙරවරුවේ පැවති අතර ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් හමුවී මේ බව දැනුම් දී ඇත.
රැකියා විරහිත සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
එබැවින් 'විරෝධතාවල යෙදෙමින් අව්වේ වේලෙන්නේ නැතිව නිවෙස්වලට යන්නැ'යි ද ජනාධිපතිවරයා එම විරෝධතාකරුවන්ට දැනුම් දී තිබේ.

