(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 793 කු පසුගිය පැය 24ක කාලයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එයින් වැඩිම පිරිස වූ 161 දෙනකු මාතලේ ප්‍රදේශයෙන් ද ,නිකවැරටියෙන් පුද්ගලයන් 110 ක් ද කුලියාපිටිය ප්‍රදේශයෙන් පුද්ගලයන් 52 ද ක් වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඉකුත් ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන් 16386 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

