
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 12දෙනෙකු සුවය ලබා අද (28) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2842 දක්වා ඉහළ ගොස් ඇත. මේ වනවිට 134දෙනෙක් රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.
සුවය ලබා පිටව ගිය පිරිස අතර, වැලිකන්ද මූලික රෝහලෙන් 10ක්ද, මිනුවන්ගොඩ මූලික රෝහලෙන් දෙදෙනෙක්ද වෙති.
අද උදෑසන 10.00 වනවිට රෝහල්ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් ගණන 45කි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේවන විට 2988ක් වන අතර, 12දෙනෙකු මියගොසිනි.


