තව හොර සිගරැට් තොගයක් අල්ලයි


ඩුබායි සිට මෙරටට නීති විරෝධි ලෙස ගෙන ආ රුපියල් ලක්ෂ 27ක් පමණ වටිනා සිගරැට් තොගයක් කොළඹ කොටුව පොලිසිය අද අත්අඩංගුවට ගත්තේය. කොලොන්නාව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ බිරිය හා තවත් කාන්තාවක සිගරැුට් තොගය ගෙන ආ බව පොලිසිය කියයි. කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපති චමල් ක‍්‍රිෂාන්ත රත්නායක මහතා පරීක්ෂණ පැවැත්වීය.