තව හත් නමක් මෙහෙණි සස්නට


මෙහෙණින් වහනේසේලාගේ උපසම්පදා උත්සවය අද (26) රන්ගිරි දඹුලු සීමාමාලකයේදී පැවැත්විණි.

ආචාර්ය දානියගම ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙහෙණින් වහන්සේලා හත් නමක් උපසම්පදා ලැබූහ.

තුන් මාසයක නේවාසිකව පුහුණුවක් ලබාදී ධර්ම විනය පිළිබදව විභාග පැවැත්වීමෙන් පසු උපසම්පදාව සිදුකෙරිණි. දැනට රටපුරා උපසපන් භික්ෂුණින් වහන්සේලා 1500 නමක් වැඩසිටින බව එම බලමණ්ඩලයේ ලේඛකාධිකාරී කොත්මලේ සිරි සුමේදා මෙහෙණිය පැවසූහ.

DSC06424 DSC06426 DSC06439 DSC06449