නීති විරෝධි මූල්‍යායතනයක් පවත්වාගෙන යමින් අම්බලන්තොට පැත්තේ හාර දහසකට අධික පිරිසකගේ තැන්පතු වංචා කැළැයි සැකපිට පල්ලේමලලේ එම් ජයසිංහ සෝමලාල් (32) හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ලබන හතර වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
තංගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දැන්වූයේ ඔහු කොට්ටාවේ නිවසකින් අත්අඩගුවට ගත් බවයි.
වංචා කළැයි කියන මුදල රුපියල් කෝටි 15ක් පමණ වන බව ද, රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා ජීප් රියක් හා වෑන් රියක් ද අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙම පුද්ගලයා කොට්ටාව හා කතරගම සුපිරි වෙළෙඳසල් කිහිපයක් පවත්වාගෙන ගොස් ඇතැයි ද මෙම පුද්ගලයාට එරෙහිව පැමිණිලි කිරීමට 4000කට වැඩි පිරිසක් පොලිසියට පැමිණ ඇති බවත්, එයින් පැමිණිලි 300ක් ලියාගෙන ඇති බවත් පොලිසිය පවසයි.
තංගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, කොස්තාපල් මංජුල, රොහාන් හා උපුල් මොහු අත්අඩංගුවට ගැනීමට සහාය වූහ.

