තව ශ්‍රීලාංකිකයෙක් ඉතාලි වැවක ගිළේ


ඉතාලියේ වෙරෝනා නගරයේ පදිංචිව සිටි වෙන්නප්පුවේ අරවින්ද ධනංජය පෙරේරා (27)  මහතා ගාර්දා වැවේ ගිලි මියගිය බව ඉතාලි පොලිසිය පවසයි. තම පවුලේ උදවිය සමග ගාර්දා වැව අසල බාබකිව් සමඟ ආහාර ගෙන පසුව දිය නමට වතුරට බැස ටික වෙලාවකින් ඔහු අතුරුදන්ව ඇත. දිනකට පසු ඔහුගේ සිරුර සොයා ගෙන තිබේ.

මේ වසරේ ගිම්හානයේ දී ඉතාලිය පුරා දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික ජිවිත කිහිපයක් අහිමිවිය. සෑම වසරකම ගිම්හානයේ ශ්‍රී ලාංකිකයින් ඇතුළු බොහෝ පිරිස් දියේ ගිලීමෙන් මියයන බව ඉතාලි පොලිසිය පවසයි.