තව ලොක්කෝ දෙන්නෙක් පොලිසියේ


ගිය රජය කාලයේ හෙජින් ගිවිසුම   රජයට ඩොලර් මිලියන 200ක (රුපියල් කෝටි 2640) පාඩුවක් සිදුවුණැයි කියමින් ලද පැමිණිල්ලක් මත තෙල් සංස්ථාවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මහතා මූල්‍ය වංචා අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන්වා දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

එමෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යටතේ පැවැති දිවි නැගුම ව්‍යාපෘතියට අදාළව 2014 වර්ෂයේ නොවැම්බර 21 වැනි දා පැවැත්වූ ජාතික සම්මේලනයට රුපියල් මිලියන 63ක් (රුපියල් කෝටි 831.6) වැය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත එම ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ ආර් කේ රණවක ගෙන්වා ප්‍රකාශයක් සටහන් කර ගත් බව ද ඔහු පවසයි.

කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදි කිරීමේ දී ඩොලර් මිලියන 122ක (රුපියල් කෝටි 1610.4) අක්‍රමිකතාවක් සිදුවූ බවටත්, 2006 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා හතරක් මිලදී ගනිද්දී ලක්ෂ 145ක් වංචාවක් සිදුවූ බවටත් ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිසිය කියයි.