වනාතවිල්ලුවේ රජයට අයත් අක්කර 160ක ඉඩම් ව්‍යාජ බලපත්‍ර සකසා අත්පත්කර ගත්තැයි කියන ග්‍රීන් පිල්ඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ජනාධිපති විමර්ශන ඒකකය මගින් පුත්තලම පොලිසියේ දී අද අත්අඩංගුවට ගනු ලැබීය.
මෙයට පෙර මෙම සිද්ධිය සම්බන්ධවම ග්‍රීන් පිල්ඩ් සමාගමේ ප්‍රධානියා ඇතුළු තවත් සැකකරුවෝ සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

