තව මගඩියක් ගැන නීතිපති උපදෙස් පතයි
ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරියගේ නම පාවිච්චි කරමින් කොළඹ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 75ක් වටිනා හිස් කාලතුවක්කු පතුරොම් කොපු 2000ක් සැපැයීමට තැත් කළැයි කියන සිද්ධිය ගැන උපදෙස් කඩිනමින් එවන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නීතිපතිට යළිත් සිහිපත් කෙළේය. විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයකු වන ගාමිණී මෙන්ඩිස්, එස්.එස්. ෂික් අමනුල්ලා හා කමලින් පෙරේරා මේ නඩුවේ සැකකරුවෝය. ඔවුහු ඇපමත සිටිති. ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ හා බිරියගේ නම පාවිච්චි කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් එම පතුරොම් හොරෙන් විකිණීම සඳහා හොර ලියැවිලි සකස් කළැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

