කොටුව දුම්රියපොළේ නවතා තිබු මහනුවර බලා පිටත් වීමට නියමිතදුම්රිය හා එස් 11 හලාවත දුම්රිය මුහුණට මුහුණ ගැටීමට ගොස් සිදුවන්නට ගිය අනතුර වළක්වා ගැනීමට ඊයේ (19 ) හලාවත දුම්රියේ රියදුරු සමත් විය.
අද (19) සවස කොටුවෙන් හලාවත යෑමට ඇති දුම්රිය මරදානේ සිට කොටුව දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර එහි නැවතුම ලෙස වේදිකා අංක අට ලබා දී ඇත. නමුත් ඒ වන විටත් මහනුවරට බලා කොටුවෙන් 4.35 ට පිටත් වන දුම්රිය එහි නවතා තිබිණි.
හලාවත දුම්රියේ රියදුරු මීටර් පනහක පමණ දුරින් එම ස්ථානයේ තවත් දුම්රියක් නවතා ඇති බව දැකීමෙන් වහා ක්‍රියාත්මක වී අනතුර වළක්වා ගැනීමට ක්‍රියා කළ බවත් එසේ නොවුයේ නම් පසුගියදා පොතුහැරදී සිදු වු දුම්රිය අනතුර මෙන් විශාල අනතුරක් වන්නට ඉඩ තිබු බව දුම්රිය මගීහු පවසති.

