තව පෙළපාළියකට තහනමක් නොදේ


බෞද්ධ හා පාලි සරසවි සිසුන් පිරිසක් සෞන්දර්යය සරසවිය අසළින් පෙළපාළියක් අරඹා කොළඹ වෝඞ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ඒමට යතියි කියමින් කුරුඳුවත්ත පොලිසිය එම පෙළපාළිය නතර කිරීමට තහනම් නියෝගයක් ඉල්ලා සිටි නමුත් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් එය ප‍්‍රතික්ෂේප කළේය. පොලිසිය ඉල්ලා සිටියේ පෙළපාළිය නොයන ලෙස කැඳවුම්කරු පාතේගම ආනන්ද හිමියනට එම තහනම පනවන ලෙසයි. මහේස්ත‍්‍රාත් පැවැසුයේ ඒ බව ඒ හිමියනට කියා පොලිසිය සතු බලතල අනුව කි‍්‍රයා කරන ලෙසයි.