(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)
පැතිර යන කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 8 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය , අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර, කලවාන ප්‍රදේශයේ හපුගොඩ යන ග්‍රාම නිලධාරී වසම් මෙසේ හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

