තව කිඹුලෙක් ගොඩට එයි
අත්තනගලු ඔයේ අත්තක් ලෙස සැලකෙන ඌරුවල් ඔයෙන් එන්නට ඇතැයි සිතන ගැට කිඹුලකු (අඩි 6 අඟල් 7ක් දිග) අල්ලාගත් ගම්පහ ප්‍රදේශවාසීහු වනජිවි නිළධරයනට බාර දුන්හ. ඔවුහු එම කිඹුලා මුතුරාජවෙල වනජිවි කාර්යාලයයට ගෙන යනු ලැබූහ. මීට දින දෙකකට පෙර රාගම ඇළක සිටි කිඹුලකු අල්ලා ගැනීමෙන් පසුව මියගිය අතර කිඹුලාගේ බඩේ මිනිස් අවයව තිබූ බව පශු වෛද්‍යවරු කියති.

