තව ඇමැතිවරු තිදෙනෙක්


නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස තවත් ඇමැතිවරු තිදෙනක් අද දිවුරුම් දුන්හ.

ඒ අනුව ෆයිසර් මුස්තෆා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ලෙසද, සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ඇමැති ලෙස මලික් සමරවික්‍රම මහතාද පත් කරනු ලැබුහ. වාරිමාර්ග අමාත්‍ය ධූරය විජිත් විජයමුණි සොයිසා මහතාට හිමිව ඇත.