තලෙයිමන්නාරමෙන් කෝටි 11 ක අයිස් තොගයක් සොයාගනී


(ඉන්දිකා රාමනායක)

තලෙයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ නාවික හමුදාව විසින් අද (16) සිදු කළ මෙහෙයුමකදී රුපියල් කෝටි 1 1 කට අධික වටිනා  අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් ඇත.

උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී වෙරළේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ‍සොයාගෙන ඇති අතර කිලෝග්‍රෑම් 105 ක් මෙලෙස සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාර දීමට නියමිතය.