(දයාරත්න ඇඹෝගම)
තලාව කුරුඳුවැව නිවසක ගෙවත්තේ නිධන් ගැනිම සදහා කැණිම් කරමින් සිටි අට දෙනකු අද(8) අත් අඩංගුවට ගත් බව තලාව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රාගම තලාව ගල්නැව කලත්තැව සහ අනුරාධපුර ප්‍රෙද්ශයේ පදිංදි වයස අවුරැදු 45ත් 55 අතර වියේ පසුවන අට දෙනෙක් වන අතර ඒ අතර කාන්තාවන් සිව් දෙනෙක් ද වෙති.
නිදන් හාරනු ලැබු නිවස හිමි කාන්තාවට නිවසේ ගෙවත්තේ නිධානයක් ඇති බවට දෙවියන් වහන්සේ නමක් සිහිනෙන් පැවසිම නිසා ඇය හිතවත් පිරිමි පුද්ගලයන් සහ කාන්තාවන් පිරිසක් එක් කර ගනිමින් මෙසේ නිධානය ලබා ගැනිමේ අරමුණින් කැණිම් සිදුකර ඇතැයි පොලිසිය කියයි.
පොලිසිය මෙම ස්ථානය වටලන අවස්ථාවේ එහි සිටි එක් සැකකරුවකු පළා ගොස් ඇති අතර සැකකරුවන් පොළොව අඩි 20 ක් පමණ ගැඹුරට හාරා තිබු බවද පොලිසිය කියයි.
පොළොව කැණිම සදහා භාවිතා කළ උදලු, අලවංගු හා පිකැස් ද බහිරව පුජාව සඳහා යොදාගෙන තිබූ බිත්තර, තැඹිලි, කෙසෙල්, සුවද දුම් යනාදියද මෙහිදි පොලිස් බාරයට ගැනිණි.

