තලාපිටියේ පුද්ගල ඝාතනයක්



(සුමතිපාල දීයගහගේ)  
 
ගාල්ල තලාපිටිය සර්කියුලර් හන්දියේදී ඊයේ (1) රාත්‍රි පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ගාල්ල මකුලුව පදිංචිව සිටි සියඹලාගොඩ ගමගේ ජීවක සුරංග (36) නැමැති අයෙකි. 

තලාපිටිය සර්කියුලර් හන්දියේදී තවත් අයෙකු සමඟ මත්පැන් පානය කරමින් සිටින විට ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් තමා සමඟ එකට මත්පැන් පානය කරමින් සිටි මිතුරා විසින් පිහියෙන් ඇන මෙම ඝාතතනය සිදු කර ඇති බව මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

පිහි ඇනුම් කෑ තුවාලකරු ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
 සැකකරු අත්අඩංගුවට ගැනිමට ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.