තල්විල මෝය කපා දමයි - මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා


(ජුඩ් සමන්ත)
 
පිටාර ගලා යමින් පවතින කඩුපිටි ඔයේ ජලය කඩිනමින් මුහුදට බැස යාමට සැළැස්වීම සඳහා තල්විල මෝය කපා දැමීමට මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර ඇත.


මෝය කපා දැමීමත් සමඟ පිටාර ගලා යමින් තිබූ ජලය බැස යමින් පවතී.


තල්විල මෝය කපා දැමීමත් සමඟ වෙන්නප්පුවේ සිට හලාවත දක්වා වන මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇත. මෙම ස්ථානයේ පාලමක් ඉදිකරන ලෙස වසර ගණනාවක සිට ජනතාව වගකිව යුත්තන්ට පවසා ඇතත් එයට මෙතෙක් විසඳුමක් ලැබී නැත.


කඩුපිටි ඔය පිටාර ගලා යන සෑම අවස්ථාවකදීම තල්විල මෝය කපා දැමීම සිදුවන අතර, ඊට ස්ථීර පිළියමක් යෙදීම වගකිව යුතු අංශවල යුතුකමක් බව ප්‍රදේශවාසීහු පවසති.