තල්මසුන්ටත් වැඩ පෙන්වයි


සංචාරකයනට තල්මසුන් පෙන්වන්නට යන ඇතැම් පෞද්ගලික බෝට්ටුකරුවන් තල්මසුන් ළඟට එනවිට බෝට්ටුවේ එල්ලී මුහුදට බසින අවස්ථාවක් අද දැකගත හැකි විය.මිරිස්සෙන් යන මේ බෝට්ටු නාවික සැකැසුම් 10ක් දක්වා ඈත යයි. බෝට්ටු සේවකයන් එසේ කරනුයේ විශේෂයෙන් විදේශ සංචාරකයනට ඔවුන්ගේ වැඩ කිඩ පෙන්වීමට බව කියති. විදේශ සංචාරකයකුගෙන් රුපියල් 4000 සිට රුපියල් 9000දක්වා ද දේශීය සංචාරකයකුගෙන් රුපියල් 1500 සිට රුපියල් 5000 දක්වා ද අය කැරැයි.  තල්මසා සිටින දෙසට යාත්‍රාව ගමන් කරයි තරුණයා මුහුදට බැසීමට සූදානම්ව තරුණයා මුහුදට බැස පිහිනයි තල්මසා යාත්‍රාව අසලනි පිහිනා යයි