ඔගස්ටින් ප්‍රනාන්දු සහ හිරාන් ප්‍රියංකර
තලවිල සාන්ත ආනා සිද්ධස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යයට පැමිණ සිටි බැතිමතුන් වෙත මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පුද්ගලයින් 22 දෙනකු දින තුනක කාලයක් ඇතුළත අත්අඩංගවට ගත් බව පුත්තලම දිසා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි.
මෙම මංගල්‍යය පසුගිය 5 වැනි ඉරුදින පැවැති දිව්‍ය පුජා මෙහෙයෙන් පසු නිමාවට පත්විය. ඒ සඳහා සහභාගීවිම පිණිස විවිධ ප්‍රදේශවල සිට පැමිණි බැතිමතුන් අති විශාල සංඛ්‍යාවක් දින ගණනාවක කාලයක් මෙම පුදබිම තුළ රැදි සිටියහ.
පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ හා පොලිස් අධිකාරි ජේ.ඒ .චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත දිසා විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරින් එම පුදබිම තුළ දින තුනක කාලයටක් රැදී සිටිමින් බැතිමතුන් අතර සිටින මත්ලෝලින්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීමට පියවර යොදා තිබු අතර ඒ අනුව විවිධ ප්‍රදේශවල සිට මෙහි පැමිණ ඉතාමත් රහසිගතව මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමක් පවත්වා ගෙන විසි දෙනෙකු එම දින තුන තුළ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව කියයි.
මත්පෙති, හෙරොයින් හා කේරළ ගංජා සැකකරුවන් විසින් අලෙවි කරමින් සිටි බවත් කියයි. සැකකරුවන් පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

