තලවාකැලේ නගරාධිපති ඇතුලු 4ක් රිමාන්ඩ්


චන්දන ජයවීර සහ ෂෙල්ටන් හෙට්ටිආරච්චි
 
ළමයෙකු විකිණිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල , නාගරික මන්ත්‍රි ඉෂාර අනුරුද්ධ මංචනායක,  ජයන්ත පිරිස් සහ එච් .ඒ තිලකරත්න යන සැකකරුවන් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස නුවරඑළිය දිසා විනිසුරු චමෝද් ජයසේකර මහතා අද (04) නියෝග කළේය.

 
මෙම පිරිස පුනි 03 වැනිදා නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ පැහැර ගැනීම හා මිනිස් ජාවාරම යන චෝදනාවලට යටත්වය.සැකකරුවන් අතරින් එක් පුද්ගලයෙකුට විකුණුවා යැයි කියන දැරියගේ මව දුෂණයට ලක්කළ බවටද චෝදනා එල් වි තිබේ.