තලවාකැලේ - නාවලපිටිය මාර්ගයේ වාහන ධාවනයට බාධා


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ ශාන්ත චන්ද්‍රසිරි)                                                                                                                                      
තලවාකැලේ - නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කැටඹුලාව ප්‍රදේශයේදී අද (07) විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණ හිට තිබේ.
 

මෙම ගස කඩා වැටීම නිසා විදුලි රැහැන් පද්ධතියට හානි සිදුව ඇති අතර විදුලි රැහැන් කඩා වැටී තිබුණද  ප්‍රදේශයේ විදුලි සැපයුම විසන්ධිවී නොමති බවත් කඩා වැටී ඇති රැහැන් මතින් විදුලිය ගමන් කිරීම නිසා දැඩි අනතුරුදායක තත්ත්වයක් පවතින බවත් ප්‍රදේශවාසිහූ පවසති.