පලදායිතාව වැඩි නව තේ ප‍්‍රබේදයක් තලවාකැලේ තේ පර්යේෂණායතනයේ ප‍්‍රධානී ආචාර්ය කුමුදිනී ගුණසේකර මහත්මිය හඳුන්වාදෙන්නීය.
බීජ රෝපණයෙන් සොයාගත් මේ නව ප‍්‍රබේදයේ තේ පැලයේ මුල පොළොවේ යටි ස්ථරය දක්වා විහිදී යන බවත් ජලය රඳවා ගැනීමේ හැකියාව ඇති නිසා වියළි කාලගුණය ඇති ප‍්‍රදේශවලට ද එය යෝග්‍ය බවත් මේ පර්යේෂණය සාර්ථක කැර ගැනීමට පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සරත් අබේසිංහ දායක වූ බවත් ආචාර්ය ගුණසේකර කියන්නීය. තේ ගස ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 140කට කලිනි.
ටී.කේ 3000-4000 නමින් හැඳින්වෙන මේ තේ ප‍්‍රබේදයෙන් හෙක්ටෙයාරයකට කිලෝ 2500 ක අස්වැන්නක් නෙළාගත හැකි බවද ආචාර්ය ගුණසේකර කියන්නීය.

