තලවකැලේ සියලු කඩ සාප්පු වසා දමයි


(ශාන්ත චන්ද්‍රසිරි)
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩිකර ගැනීමේ අරමුණින් උඩරට වතුකරයේ ආරම්භකර ඇති විරෝධතාවයන්ට සහාය දැක්වීම සඳහා තලවකැලේ නගරයේ සියලුම කඩ සාප්පු අද  (05) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබිණි.

වතු කම්කරුවන්ගේ වැටුප්  වැඩි කරගැනීම සඳහා වතු සමාගම්වලට බලපෑම් කිරීමේ අරමුණින් ලංකා කම්කරු කොංග්‍රස් වතු වෘත්තීය සමිතිය විසින් මෙම විරෝධතා ව්‍යාපාරය උඩරට වතුකරය තුළ ක්‍රියාත්මක කර තිබු අතර මේ හේතුවෙන් උඩරට වතුකරය ආශ්‍රිත නගර හා උප නගර සියල්ලම වසා තිබිණි.

වතු කම්කරු වැටුප් වැඩිකර ගැනීමේ එම හර්තාල් ව්‍යාපාර සඳහා සහාය දක්වන ලෙස ලංකා කම්කරු කොංග්‍රස් වතු වෘත්තීය සමිතිය නියෝජිතයන්  හා තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති එල්. භාරතිදාසන් මහතාගේ ලිඛිත ඉල්ලීමකට අනුව මෙසේ නගරයේ  සියළුම කඩ සාප්පු වසා දැමීමට වෙළෙඳ  සංගමයේ නිලධාරීන් තීරණයකට එළඹුණ   බව තලවකැලේ වෙළෙඳ  සංගමයේ සභාපති කමල්  සමරවීර පැවැසීය.