ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනවශ්‍ය වියදම් කපා හැරීම නිසා ඉකුත් මාස නවයේදී පමණක් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකිව ඇතැයි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
2014 වසරේ ජනවාරි සි සැප්තැම්බර් දක්වා සමස්ත වියදම රුපියල් කෝටි 218 ක් වූ අතර මේ වසරේ එම කාල සීමාවේ වියදම රුපියල් කෝටි 178 දක්වා අඩුකරගෙන ඇතැයි ඇය කීවාය.

