තලංගම හතර දෙනාට ඇප


පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක  රොහාන් කුමාරසිංහ  මහතා මාලබේදී පැහැරගෙන ඝාතනය කිරීමේ සිද්ධියේ පරීක්ෂණ යට ගැසීමට මුදල් ලබා ගත්තැයි  සැකපිට රිමාන්ඩ් කර සිටි තලංගම පොලිස් ස්ථානාධිපති ,අපරාධ විමර්ශන  ඒකකයේ ස්ථානාධිපති ,ඇතුළු පොලිසියේ සිව් දෙනාගේ  එක් අයකුට ලක්ෂ බැගින් වු ශරීර  දෙකක  ඇප මත මුදා හරින්නැයි  කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.

තලංගම පොලීසියේ හිටපු ස්ථානාධිපති   ප්‍රධාන පොලිස් පරීක්ෂක  බුලත්සිංහලගේ ජීවානන්ද උපුල් පෙරේරා,අපරාධ විමර්ශන ඒකකයේ  හිටපු ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක අමල් ප්‍රියන්ත කොඩිතුවක්කු, සැරයන් සමරවීර ආරච්චිගේ නිහාල් පුෂ්පකුමාර සහ කොස්තාපල් නවරත්න මුදියන්සේලාගේ තරිදු ප්‍රසාද් නවරත්න මෙසේ මුදාහරිනු ලැබුහ.

ඇප කරුවන් ළගම ඥාතීන් විය යුතුයැයිද ඔවුන් තලංගම පොලිස් බල ප්‍රදේශයෙන් බැහැර අය විය යුතුයැයි ද සාක්කිකරුවන්ට බලපෑම් නොකළ යුතුයි හා සෑම ඉරිදා දිනකදීම කොළඹ අපරාධ කොට්ඨාශයේ පෙනී සිටිය යුතුයි යන දැඩි කොන්දේසී  පනවමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

හිමාලි කරුණාරත්න නම් ධනවත් කත ගේ සැමියා වන කුමාරසිංහ කිතුල්ගලදී මරා දමා තිබිණි.එහි පරීක්ෂණ යට ගැසීම සදහා කෝටියකට ආසන්න මුදලක් මොවුන්ට ලබා දී ඇතැයි කොළඹ  අපරාධ කොට්ඨාශය අධීකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.