තලංගම පොලිසියේ හතරදෙනා යළි රිමාන්ඩ්


විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට  කාන්තාවකගෙන් මුදල් ලබා ගත් බව  කියන  තලංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා, අපරාධ අංශයේ ස්ථානාධිපති පීකේ කොඩිතුවක්කු, පොලිස් සැරයන් නිහාල් පුෂ්පකුමාර සහ පොලිස් කොස්තාපල් විරාජ් නවරත්න ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස   කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.