තලංගම කතකගෙ හොට බැංකුවෙදි පැටලේ


කැරට් 22 රනින් නිම කළ ඉස්තරම් භාණ්ඩ ලෙස බාල රන් බඩු පොළොන්නරුවේ බැංකු කිහිපයකට උකසට තැබූ බව කියන තුන්දරු මවක (47) අරලගංවිල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බත්තරමුල්ලේ තලංගම පදිංචි බව කියන මේ කාන්තාව තවත් කණ්ඩායමක් සමඟ   මෙවැනි භාණ්ඩ බැංකුවලට උකස් කර ඇති බව පෙනේයැයි ද පොලිසිය පවසයි.

ඇය අරලගංවිල බැංකුවකට ගෙනා රන් මාලයක් බැලූ බැල්මට රුපියල් ලක්ෂයකට වැඩි වටිනාකමක් ඇතත් එහි සැබෑ මිල ඊට බෙහෙවින් අඩු බවත් පොළොන්නරුවේ හා දියසෙන්පුර බැංකු දෙකකට එවැනි මාල දෙකක් උකස් කර රුපියල් දෙලක්ෂ පනස් පන් දහසක් මීට පෙර ලබාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.