තල ගස හමුදා රියට කඩා වැටේ


හමුදා රියක් දඹුල්ල බුලාගල  තල ගසක හැපී ගස රිය මතට කඩා වැටී සෙබළු හත් දෙනෙක් තුවාල ලැබුහ.

පිපී තිබුණු තල මල ද සමඟ ගස ඉවත් කර එක් සෙබළකු බේරා ගැනීමට පැය එකහමාරක් පමණ ගත විය.

හමුදා ප්‍රදර්ශනයකට සිප්පිකටු රැගෙන ඒම සඳහා එම රිය අලිමංකඩ ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදු විය.

අනතුර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට හමුදාවෙන් බව කියන පිරිසක් අවහිර කළහ.