තරුණයකු තරුණියකට අමානුෂික ලෙස පහර දෙන සිද්ධිය දැක්වෙන වීඩියෝව මාස 11කට පමණ පෙර සිද්ධියක වීඩියෝවක් බව එම සිද්ධියට මුහුණ දුන් තරුණිය සහ පහරදුන් තරුණයා කටුනායක පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
එම සිද්ධිය දැන් සමථයකට පත්ව ඇති බවත් තමන් විවාහ වීමට සූදානමින් සිටින බවත් එම දෙදෙනා පොලිසියට පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. එම පහරදීම වීඩියෝ ගත කළ පුද්ගලයා තම ඡංගම දුරකතනය අලුත්වැඩියා කිරීමට දුන් අවස්ථාවේ ඔවුන් අන්තර්ජාලයට මුදා හැර ඇති බව පෙනේ යැයි එම දෙදෙනා පොලිසියට කියා ඇත. තරුණිය උතුරු මැද ද තරුණයා මැද රට ද පදිංචිකරුවෝ වෙති.
මෙම සිද්ධියට පරීක්ෂණයක් අවශ්‍ය නැති පොලිසියට කියා ඇත.

