ෆේස්බුක් ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වුණු තරුණයක් දෙදෙනකු තරුණියකට පහර දෙන වීඩියෝවේ එම පහරදුන් තරුණයාට මීගමුවේදී පිරිසක් පහරදී ඇතැයි කියති.
ඔහුව වටකරගත් තරුණයන් පිරිසක් මෙසේ ඔහුට පහරදී ඇති අතර ඔහුගේ එක් ඇසක් ඉදිමී දැඩිලෙස තුවාල වී තිබිණි.
අදාළ තරුණිය මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙම සිදුවීම ගිය වසරේ සිදුවූ එකක් බවත් ඇය දැන් පහරදුන් පුද්ගලයා සමග විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන්ද සිටින බවයි.
මෙම වීඩියෝව මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් තමන් අපහසුතාවයට පත්වූ බවත් ඇය කීවාය.

