තරුණියගේ හිසට සිවිලිමක් කඩා වැටේ


(අමල් වික්‍රමරත්න)

දකුණු පළාත් වනිතා හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ ප්‍රදර්ශනයක් අතරතුර අද (28) ගාල්ල නගර ශාලාවේ සිවිලිමේ කොටසක් කාන්තාවකගේ හිසට හා ප්‍රදර්ශන භාණ්ඩ මතට කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.

මේ වනවිට 500 කට ආසන්න පිරිසක් ප්‍රදර්ශනය නරඹමින් සහ ප්‍රදර්ශනයට විවිධ භාණ්ඩ ඉදිරිපත් කළ දකුණු පළාතේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි කාන්තාවන් පිරිසක් රැදී සිටියහ.

ගාල්ල නගර සභාවේ සිවිලිම ඉතාම අබලන් තත්ත්වයක පවතින බවත් බොහෝ අවස්ථාවලදී නගරයේ පැවැත්වෙන ප්‍රධාන උත්සව පැවැත්වෙන්නේ මෙම නගර ශාලාවේය.

මෙම සිවිලිම  කඩා වැටුණ හොත් ජීවිත හානි සිදුවීමට පවා ඉඩ ඇති බව බොහෝ දෙනෙක් පවසති.