මිලාන් බෙර්ගමෝ හා ක්‍රෙමෝනා නගරසීමාවන් වෙන්කරන රිවෝල්තා දී අඩ්ඩා නම්වූ ගංගාවේ 28වැනි ඉරිදා දියනාමින් සිටි තරුණියක් දියවැලකට හසුවී ගසාගෙන යනවිට කීපදෙනෙක් දියට පැන තරුණිය බේරා ගත් නමුත් ඇය බේරා ගැනීමට උත්සාහ කළ මිලානෝහි පදිංචි 31හැවිරිදි සපුමල් උඩපිටිය නම්වූ ලාංකිකයා දියෙහි ගසාගෙනගොස් ඇත.
ඉන් පැයකට පසු ගිනි නිවන හමුදාවේ කිමිදුම්කරුවන් විසින් අසාධ්‍ය තත්ත්වයේ තිබු ලාංකිකයාගේ සිරුර සොයා ගත්තද, බෙර්ගමෝ රෝහලට ඇතුලත්කිරිමෙන් පසු මියගොස් ඇත.

