(ඩී.ජී.සුගතපාල)
තරුණියක් පැහැරගෙන යාමට තැත්කළ යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු අද (10) හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සෙබලුන් දෙදෙනා බූස්ස සහ පනාගොඩ කඳවුරුවල සේවය කරන අය බවට හඳුනාගෙන ඇත.
ඊයේ (09) සවස තරුණිය පෙම්වතා සමඟ අකුරල මුහුදු වෙරළේ සිටියදී එම ස්ථානයට ගොස් ඇති සැකකරුවන් දෙදෙනා පෙම්වතා බියකොට ඉවතට යවා තරුණියගේ ජංගම දුරකතන අංකය ඉල්ලාගෙන ඔවුන් සමඟ එන ලෙස පවසා පිටව ගොස් තිබේ.
අද එම තරුණියට පැමිණෙන ලෙස සැකකරුවන් දුරකතනයෙන් දැනුම් දීමෙන් පසු ඇය ඒ බව මවට පවසා පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිසියේ උපදෙස් මත ඇය දුරකතන පණිවිඩයක් දීමෙන් පසු ඔවුන් පැමිණ ඇති අතර කුමාරකන්ද මාර්ග බාධකයේදී පොලිසිය විසින් මෙම සෙබලුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

