තරුණයෙක් මහ පාරේ මරු දකී


ගාල්ල දොඩන්දූවේ දී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අනතුර සිදුකළැයි සැකපිට ට්‍රක් රථ රියදුරකු අත්අඩංගුවට ගත් බවත් ඒ අවස්ථාවේ වේගයෙන් පලා ගිය තවත් රථයක් ගැන සොයන බවත් පොලිසිය පවසයි.