තරුණයෙක් කල්පිටිය මුහුදේ ගිලෙයි


(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය කප්පල් අඩිය මුහුදේ අද (25 ) සවස දිය නෑමට ගිය තරුණයන් සිව් දෙනකු දියේ ගිලී ඇතැයිද ඉන් තරුණයන් තිදෙනකු විදේශීය යුවලක් විසින් බේරාගත් නමුත් විසි දෙහැවිරිදි තරුණයෙකු අතුරුදහන්ව ඇතැයි ද කල්පිටිය පොලිසිය පවසයි.

අතුරුදහන් වූ තරුණයා සොයා කල්පිටිය විජය නාවුක හමුදා සහ පොලිස් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.