( ජේ.ඉඳුරුවගේ)
බෙන්තොට මුහුදු තිරයේ දියනාමින් විනෝදවූ පිරිසක් අතරින් තරුණයන් දෙදෙනෙක් මුහුදේ දිය රළකට හසුව ගසාගෙන යාමෙන් එක් අයෙකු මියගොස් අනෙකා රෝහල් ගතකල බව බෙන්තොට පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ බේරුවල චීන කොරටුවේ පදිංචි මොහොමඩ් අද්මල් නැමති 22 හැවිරිදි තරුණයෙකි .
ඊයේ සවස 6.00 ට පමන බෙන්තොට වෙරළ ක්‍රීඩාංගනය අසල මුහුදේ දිය නාමින් සිටි පිරිසක් අතරින් දියඹට ගසාගෙන යමින් සිටි මොහු සහ අනෙකා ජීවිතාරක්ෂක නිලධාරීන් ඇතුලු ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන ඇති අතර එහිදී මොහු මිය ගොස් සිට ඇතැයි පොලිසිය කියයි .
මොහු සමග ගොඩට ගත් අනෙකා බෙන්තොට රෝහලටත් එතැනින් කලුතර රෝහලටත් ඇතුළත් කල බව පොලිසිය පැවසීය.ඔහුද බේරුවල පදිංචිකරුවෙකි.

